Image

ckau wxl 4 ysñhkag mSvd fok frda.dndO


Sep 23, 2024 11:00 am    Views: 99

ckau wxl 4 ysñhkag mSvd fok frda.dndO
wxl úoHd fcHda;sIhg wkqj Tnf.a fi!LH ;;a;ajh y÷kd.kakd wdldrh ms<sn|j meyeÈ,s lsÍug fuu ,smsfhka n,dfmdfrd;a;= jk w;r myq.sh l,dmj,ska ckau wxl 1 iy 3 whg wod< m,dm, úia;r i|yka lrk ,È'

 

fuys§ Tn l=uk wjqreoaol l=uk udihl bmÿK;a Tnf.a Wmka Èkh muKla ie,ls,a,g .kq ,nhs' fuu ,smsfhka ´ku udihl 4" 13" 22" 31 hk Èkj, Wmka whf.a fi!LH ;;a;ajh iy je,¢h yels frda.dndO ms<sn|j meyeÈ,s lsÍug n,dfmdfrd;a;= fjñ'  fï ;=<ska Tng je,¢h yels frda.dndO ms<sn|j l,a ;shd y÷kd .ekSug yelshdj ,efnk w;r tuÛska tu wjodkï ;;a;ajhkag l,ska iQodkï ùug;a tu frda.dndOhkaf.ka je<lS isàug;a kSfrda.s m%S;su;a i;=gqodhl Ôú;hla Wreu lr .ekSug;a yelshdj ,efnk nj i|yka lrkq leue;af;ñ'

Tn bmÿfKa ´ku udihl y;r oy;=k úisfol ;sia tl hk Èkhl kï Tfí ckau wxlh wxl y;r jk w;r rdyq .%yhdf.a lïmk ‘n,fõ.h’ l%shd;aul fjhs' ;reK wjêfha isgu Tnf.a fi!LH iïnkaOj ksis ms<sfj;a l%ufõo wkq.ukh lsÍug u;l ;nd .ekSu b;d jeo.;a fjhs' YÍr wNHka;rfha iEfok y÷kd .ekSug fkdyels hï frda.dndOhka iïnkaOj jeä wjodkula mj;S' úfYaIfhka oKysia iy mdo iïnkaO frda. ;;ajhka fukau f.ä" bÈuqï jeks ;;a;ajhka myiqfjka we;s l< yelsfjhs' ysi iuÛ iïnkaO frda. ;;a;ajhka jk ysfia lelal=u fldKavh hdu mSki wl,g ysi flia meiSu jeks frda. ;;a;ajhka myiqfjka we;súh yels ;;a;ajhka ksid ta .ek ie,ls,su;aùu b;d jeo.;a fjhs' tfukau fldkafoa wudrej iy ;=káh wdndO o  ksrka;rfhka oelsh yels fjhs'

fï wh b;d ld¾hlaIu mqoa.,hska jqj;a iuyr úg lsis jevla fkdlr me;a;lg ù isàu fyda ks;r ksod .ekSu wd§ ;;a;ajhkao oelsh yels fjhs' ta ms<sn|;a wjOdkh fhduq lsÍu jeo.;a jkq we;' rla; ySk;djh jeks reêr.; frda. ;;a;ajhkao myiqfjka we;súh yelsh' kyr .eg .eiSu" iakdhq.; frda." l,amkdj wvqlu jeks ;;a;ajhka ms<sn|j o ie,ls,su;a ùu jeo.;a jkq we;' jerÈ p¾hdjka ksid iy tlu ld¾hhla ;=< tl È.g ld,hla kshe<Su ksid we;sjk frda. ;;a;ajhka ms<sn|jo ie,ls,su;a ùu jeo.;a fjhs'

;jo fï whg je,¢h yels frda.dndO f,i iajik moaO;sh wdY%s; we;sjk frda. ;;a;ajhka úfYaIfhka weÿu y;sh jeks ;;a;ajhka ms<sn| ie,ls,su;aùu jeo.;a fjhs' tfukau .Eiag%sla jeks frda. ;;a;aj WIaK.; frda. wÔ¾K ;;a;ajhka jeks Wor.; frda.o myiqfjka we;súh yelsh'

tfukau jhi wjqreÿ ;sia mfyka miqj uQ;%d iy jl=.vq wdY%s; frda. ;;a;aj ms<sn|jo"  jhi y;<sy miqjk úg weiaj, fmkSu wvqùu jeks ;;a;ajhka o we;súh yels ;;a;ajhla we;slrhs' úo;a wdfrdamK m%;sldr fudayk m%;sldr fudjqkag b;d m%fhdackj;a m%;sldr l%u f,i fmkajd Èh yelsh' ufkda WmfoaYk jeks ;;a;ajhkag fhduqùfuka  p¾hdjka ilia lr .ekSu jeo.;a jkq we;' úfYaIfhka fudjqkag jhi wjqreÿ oy;=k" úis fol" ;siatl" y;<sy" y;<sia kjh yd mkia wg hk jhiaj,§ ;u fi!LH ms<sn|j jeä wjOdkhla ;nd .ekSu b;d jeo.;a jkq we;' tfukau ckjdß" fmnrjdß" cQ,s" wf.daia;= yd iema;eïn¾ hk udij,§o fi!LH iïnkaOfhka wjOdkh fhduq lsÍu jeo.;a fjhs' Tng u;ameka" u;ao%jH Ndú;fhka iy uia udxi wdydrhg .ekSfuka bj;aùu b;d jeo.;a jkq we;' ÿïmdkh o Tng b;d wys;lrhs'

Tn tajdg weíneys ùfï jeä m%jK;djla  fmkakqï lrhs' tneúka ta ms<sn| iSudjka ;nd .ekSug fyda Wkkaÿjkak' blaukska Ô¾Kh jk ieye,aÆ ir, wdydr .ekSu b;d jeo.;a  fjhs'

iqma j¾." fld< le| " m,d j¾. jeämqr wdydrhg .ekSu Tng b;d .=Kodhl fjhs' flfi,a f.ä" ñÈ" wem,a nd¾,s jeks wdydro jeämqr tl;= lr .ekSu Tfí fi!LH hym;aj mj;ajd .ekSug fya;= jkq we;'

c, l%Svd msyskSu fyda weú§u jeks jHdhduhka mqreoaola njg m;alr .ekSu b;d jeo.;a fjhs' fï ishÆ lreKq ldrKd ms<sn| ie,ls,su;a fjñka Tfí jákd Ôú;h kSfrda.su;aj .; lsÍug Wkkaÿjkak'

 

ckau wxl 5 ysñ Tnf.a fi!LH iïnkaO f;dr;=re ,nk l,dmfhka n,dfmdfrd;a;= jkak'
lm%ùK fcHd;s­¾fõ§ ta'f–' §md­f,dal

අංක විද්‍යා ජ්‍යෝතිෂයට අනුව ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හඳුනාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වන අතර පහුගිය කලාපවලින් ජන්ම අංක 1 සහ 3 අයට අදාළ පලාපල විස්තර සඳහන් කරන ලදි.

 

මෙහිදී ඔබ කුමන අවුරුද්දක කුමන මාසයක ඉපදුණත් ඔබගේ උපන් දිනය පමණක් සැලකිල්ලට ගනු ලබයි. මෙම ලිපියෙන් ඕනම මාසයක 4, 13, 22, 31 යන දිනවල උපන් අයගේ සෞඛ්‍ය තත්ත්වය සහ වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.  මේ තුළින් ඔබට වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව කල් තියා හඳුනා ගැනීමට හැකියාව ලැබෙන අතර එමඟින් එම අවදානම් තත්ත්වයන්ට කලින් සූදානම් වීමටත් එම රෝගාබාධයන්ගෙන් වැළකී සිටීමටත් නීරෝගි ප්‍රීතිමත් සතුටුදායක ජීවිතයක් උරුම කර ගැනීමටත් හැකියාව ලැබෙන බව සඳහන් කරනු කැමැත්තෙමි.

ඔබ ඉපදුණේ ඕනම මාසයක හතර දහතුන විසිදෙක තිස් එක යන දිනයක නම් ඔබේ ජන්ම අංකය අංක හතර වන අතර රාහු ග්‍රහයාගේ කම්පන ‘බලවේගය’ ක්‍රියාත්මක වෙයි. තරුණ අවධියේ සිටම ඔබගේ සෞඛ්‍ය සම්බන්ධව නිසි පිළිවෙත් ක්‍රමවේද අනුගමනය කිරීමට මතක තබා ගැනීම ඉතා වැදගත් වෙයි. ශරීර අභ්‍යන්තරයේ සෑදෙන හඳුනා ගැනීමට නොහැකි යම් රෝගාබාධයන් සම්බන්ධව වැඩි අවදානමක් පවතී. විශේෂයෙන් දණහිස් සහ පාද සම්බන්ධ රෝග තත්වයන් මෙන්ම ගෙඩි, ඉදිමුම් වැනි තත්ත්වයන් පහසුවෙන් ඇති කළ හැකිවෙයි. හිස සමඟ සම්බන්ධ රෝග තත්ත්වයන් වන හිසේ කැක්කුම කොණ්ඩය යාම පීනස අකලට හිස කෙස් පැසීම වැනි රෝග තත්ත්වයන් පහසුවෙන් ඇතිවිය හැකි තත්ත්වයන් නිසා ඒ ගැන සැලකිලිමත්වීම ඉතා වැදගත් වෙයි. එමෙන්ම කොන්දේ අමාරුව සහ තුනටිය ආබාධ ද  නිරන්තරයෙන් දැකිය හැකි වෙයි.

මේ අය ඉතා කාර්යක්ෂම පුද්ගලයින් වුවත් සමහර විට කිසි වැඩක් නොකර පැත්තකට වී සිටීම හෝ නිතර නිදා ගැනීම ආදී තත්ත්වයන්ද දැකිය හැකි වෙයි. ඒ පිළිබඳත් අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත. රක්ත හීනතාවය වැනි රුධිරගත රෝග තත්ත්වයන්ද පහසුවෙන් ඇතිවිය හැකිය. නහර ගැට ගැසීම, ස්නායුගත රෝග, කල්පනාව අඩුකම වැනි තත්ත්වයන් පිළිබඳව ද සැලකිලිමත් වීම වැදගත් වනු ඇත. වැරදි චර්යාවන් නිසා සහ එකම කාර්යයක් තුළ එක දිගට කාලයක් නියැළීම නිසා ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳවද සැලකිලිමත් වීම වැදගත් වෙයි.

තවද මේ අයට වැලඳිය හැකි රෝගාබාධ ලෙස ස්වසන පද්ධතිය ආශ්‍රිත ඇතිවන රෝග තත්ත්වයන් විශේෂයෙන් ඇදුම හතිය වැනි තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වෙයි. එමෙන්ම ගෑස්ට්‍රික් වැනි රෝග තත්ත්ව උෂ්ණගත රෝග අජීර්ණ තත්ත්වයන් වැනි උදරගත රෝගද පහසුවෙන් ඇතිවිය හැකිය.

එමෙන්ම වයස අවුරුදු තිස් පහෙන් පසුව මූත්‍රා සහ වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්ව පිළිබඳවද,  වයස හතළිහ පසුවන විට ඇස්වල පෙනීම අඩුවීම වැනි තත්ත්වයන් ද ඇතිවිය හැකි තත්ත්වයක් ඇතිකරයි. විදත් ආරෝපණ ප්‍රතිකාර මෝහන ප්‍රතිකාර මොවුන්ට ඉතා ප්‍රයෝජනවත් ප්‍රතිකාර ක්‍රම ලෙස පෙන්වා දිය හැකිය. මනෝ උපදේශන වැනි තත්ත්වයන්ට යොමුවීමෙන්  චර්යාවන් සකස් කර ගැනීම වැදගත් වනු ඇත. විශේෂයෙන් මොවුන්ට වයස අවුරුදු දහතුන, විසි දෙක, තිස්එක, හතළිහ, හතළිස් නවය හා පනස් අට යන වයස්වලදී තම සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් තබා ගැනීම ඉතා වැදගත් වනු ඇත. එමෙන්ම ජනවාරි, පෙබරවාරි, ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් යන මාසවලදීද සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වෙයි. ඔබට මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් සහ මස් මාංස ආහාරයට ගැනීමෙන් ඉවත්වීම ඉතා වැදගත් වනු ඇත. දුම්පානය ද ඔබට ඉතා අහිතකරයි.

ඔබ ඒවාට ඇබ්බැහි වීමේ වැඩි ප්‍රවණතාවක්  පෙන්නුම් කරයි. එබැවින් ඒ පිළිබඳ සීමාවන් තබා ගැනීමට හෝ උනන්දුවන්න. ඉක්මනින් ජීර්ණය වන සැහැල්ලු සරල ආහාර ගැනීම ඉතා වැදගත්  වෙයි.

සුප් වර්ග, කොළ කැඳ , පලා වර්ග වැඩිපුර ආහාරයට ගැනීම ඔබට ඉතා ගුණදායක වෙයි. කෙසෙල් ගෙඩි, මිදි, ඇපල් බාර්ලි වැනි ආහාරද වැඩිපුර එකතු කර ගැනීම ඔබේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට හේතු වනු ඇත.

ජල ක්‍රීඩා පිහිනීම හෝ ඇවිදීම වැනි ව්‍යායාමයන් පුරුද්දක් බවට පත්කර ගැනීම ඉතා වැදගත් වෙයි. මේ සියලු කරුණු කාරණා පිළිබඳ සැලකිලිමත් වෙමින් ඔබේ වටිනා ජීවිතය නීරෝගිමත්ව ගත කිරීමට උනන්දුවන්න.

 

ජන්ම අංක 5 හිමි ඔබගේ සෞඛ්‍ය සම්බන්ධ තොරතුරු ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

lප්‍රවීණ ජ්‍යොති­ර්වේදී ඒ.ජේ. දීපා­ලෝක

Image

Views: 82  Oct 19, 2024

Views: 130  Oct 14, 2024

Views: 692  Oct 13, 2024

Views: 674  Oct 05, 2024

Views: 171  Oct 05, 2024

Views: 106  Sep 29, 2024

Views: 174  Sep 29, 2024

Views: 181  Sep 29, 2024

Views: 131  Sep 23, 2024

Views: 161  Sep 23, 2024

Views: 789  Sep 07, 2024

Views: 114  Sep 07, 2024

Views: 97  Sep 07, 2024

Views: 656  Sep 02, 2024

Views: 177  Aug 24, 2024

Views: 142  Aug 24, 2024

Views: 537  Aug 21, 2024